Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

කෙහෙළියගේ පෙත්සමට දින දෙයි !

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  ඉදිරිපත් කළ පෙත්සමක් වැඩිදුර සලකාබැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (11) නියම කළේය.

හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම ගොනුකර තිබුණේ  ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

මෙම පෙත්සම අද  අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන්  ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණ .