රුසියානු සන්නද්ධ හමුදාවලට ලාංකිකයින් බඳවා ගැනීම අත්හිටුවීමට එකඟතාව

රුසියානු සන්නද්ධ හමුදාවලට ලාංකිකයින් බඳවා ගැනීම අත්හිටුවීමට එකඟතාව

රුසියානූ සන්නද්ධ හමුදාවල සේවය සඳහා තවදුරටත් ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනිම අත්හිටුවීමට රුසියාව සිය එකඟතාව පළකර තිබේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ රුසියා විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්  අතර සිදු වූ හමුවකදීය.

රුසියාවේ පැවැත්වෙන බ්‍රික්ස් අමාත්‍ය සැසිවාරයට සහභාගිවීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි  රුසියාවට ගොස් සිටී.

සංචාරක, උසස් අධ්‍යාපන සහ ආර්ථික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට විදේශ අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී එකඟතාව පළ කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙහිදී රුසියානු සන්නද්ධ හමුදාවට බැඳී සිටින මෙරට පුරවැසියන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවය.

මේ අතර රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා සමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සාකච්ඡා ලබන 26 සහ 27 පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අදාළ සාකච්ඡා සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන 25 වැනිදා රුසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ රුසියා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සාකච්ඡා සඳහා රුසියාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වූ වෛද්‍ය සමන් වීරසිංහ  ද ඇතුළත්ය.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියා - යුක්‍රේන යුද්ධය සඳහා මෙරට විශ්‍රාමික හමුදා සමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේවන විට පැමිණිලි 486 ක් ලැබී ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ 0112 441 146 යන දුරකථන අංකයට ඒ පිලිබද තවදුරටත් තොරතුරු ලබා දිය හැකි වේ.

newsfirst

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න