දියතලාව foxhill ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරකින් 07ක් ජීවිතක්ෂයට

දියතලාව foxhill ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරකින් 07ක් ජීවිතක්ෂයට

දියතලාවල "ෆොක්ස්හිල්” මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුරදී මෝටර් රථ කිහිපයක් ධාවන පතයෙන් ඉවතට පැන සිදුවූ අනතුරෙන් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසයි.

එම අනතුරෙන් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර තුවාල ලැබූවන් මේ වන විටත් දියතලාව රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් තරගය අතරතුරදී අනතුරට ලක්වීමෙන් පසුව එය නැරඹීමට ඉදිරියට පැමිණි පිරිසක් පසු පසින් ධාවනය වූ තවත් මෝටර් රථයක හැපී මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න