වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති අධික බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධානය කරන "ජඩ බදු විරෝධී කොළඹ පාගමන" හෙට (ඔක්තෝබර් 03) දින පවත්වන බව එම ව්‍යාපාරය නිවේදනය කරයි.
අද (02) උදෑසන නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසුවේ හෙට දවල් 12.00 ට බොරැල්ල කැම්බල් පිටියෙන් මෙම විරෝධතාව ආරම්භ වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත මුදලිගේ සඳහන් කළ ප්‍රධාන කරුණු
පොරොන්දු කඩ කිරීම
බලයට පත්වීමට පෙර අධ්‍යාපන උපකරණ මත පැනවූ බදු ඉවත් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුන් පොරොන්දු ඉටු කර නොමැති අතර, පාසල් උපකරණවල සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දක්වා පනවා ඇති අධික බදු නිසා සාමාන්‍ය ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
අත්‍යවශ්‍ය ආහාර මත බදු
බිත්තරයක් සඳහා රුපියල් 11 ක්, හාල්මැස්සෝ කිලෝවකට රුපියල් 100 ක් සහ කුකුළු මස් කිලෝවකට රුපියල් 310 ක් වශයෙන් බදු අය කිරීම නිසා ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය පවා සපුරා ගැනීමට නොහැකි වී ඇත.
විපක්ෂයේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය
ආණ්ඩුව සහ විපක්ෂය යන දෙපිරිසම ජනතාවගේ කුස්සියේ ප්‍රශ්න අමතක කර ඇති අතර, සාමාන්‍ය ජනතාවගෙන් අධික ලෙස බදු අය කරමින් ධනකුවේරයන්ට සහ බැඳුම්කර හිමියන්ට සහන සැලසීමේ නිරත වන බවට හෙතෙම චෝදනා කළේය.
ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තු විපක්ෂයේ මෙම ජනතාද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිවීමට ඇති එකම විසඳුම මහපාරේ අරගලය පමණක් බව පෙන්වා දුන් වසන්ත මුදලිගේ, හෙට පැවැත්වෙන මෙම දැවැන්ත විරෝධතා පාගමනට එකතු වන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
