ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය විජේදාසට

ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය විජේදාසට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පත් කර ඇත.

ඒ අද (21) දින කෝට්ටේ සෝලිස් ශාලාවේ දී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමක දීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරණයට ලක්වූ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ පාර්ශ්වය වෙනුවෙන් එම රැස්වීම කැඳවා තිබුනේ, ශ්‍රීලනිප වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල විසිනි.

මෙම රැස්වීම නීත්‍යනුකූල නොවන බව පවසමින්, එම පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක විසින් වැඩබලන ලේකම්වරයා වෙත ඊයේ (20) දිනයේ ලිපියක් යොමුකර තිබිණ.

වැඩබලන සභාපතිවරු දෙදෙනෙක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 4 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව අප්‍රේල් 08 දා රැස්වූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය, පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ගනු ලැබිය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති එම දේශපාලන මණ්ඩල රැස්වීමට එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් සහභාගී වී සිටියේය.

ශ්‍රීලනිප නිමල් සිරිපාල පාර්ශවයේ මෙම තීන්දුවට මෛත්‍රී පාර්ශවයේ විරෝධය පලවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ, ඒ පිළිබද අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න