කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉඳිපොලගේ පවසයි .
එදින හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක්වී තිබුණි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බව එන්.ජේ. ඉඳිපොලගේ වැඩිදුරටත් පවසයි .
අදාළ සිදුවීම සමාජ මාධ්‍ය තුළද සැලකිය යුතු අවධානයක් ගෙන තිබිණ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
