අලුත් අවුරුදු ක්‍රීඩා තරග සඳහා මාර්ගෝපදේශ මාලාවක් !

අලුත් අවුරුදු ක්‍රීඩා තරග සඳහා මාර්ගෝපදේශ මාලාවක් !

අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධානය කෙරෙන ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් අද (08) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ අලුත් අවුරුදු කාලය තුළ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බවය.

මෙහිදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පැවසුවේ ඇතැම් ක්‍රීඩා සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර ඇති බවය.

එමෙන්ම ධාවන තරග, මැරතන් තරග ඇතුළු අවුරුදු ක්‍රීඩා සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ එහිදී සදහන් කළේය.

2023 වසරේ බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 124,760 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම වසරේ අප්‍රේල් මාසයේ දී බීමත්ව රිය පැදවීම් හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගල මරණ 07ක් සිදුව ඇති බව නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේය.

රජය විසින් නිකුත්කර ඇති මාර්ගෝපදේශ මාලාව පහත දැක්වෙයි .

අලුත් අවුරුදු උත්සව සමයේ දී ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් by poornima on Scribd

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න