මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට

මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ.

ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (26 වැනිදා) සවස ලැබීමෙන් අනතුරුවය.

අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ.

පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 22 වැනිදා ප්‍රකාශ කළේ ය.

මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුල්කරගනිමින් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව පෙරේදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනු කළේ ය.

මගෙන් රටට සංවිධානය ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න