වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් මස 04 වන දා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය අද (02) නියම කළේය.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ අද (02) කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාව අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්වයෙන් පසුවන බැවින් එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ සඳහා යළි නොවැම්බර් මස 4 වන දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බව අධිකරණයට දැනුම් දීම හේතුවෙන්, නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙලෙස නොවැම්බර් 04 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.
2025 වසරේ මැයි මස 20 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
