විදුලි ගාස්තු 21.9% කින් අඩු කරයි : අඩු පරිභෝජනයට වැඩි වාසි !

 විදුලි ගාස්තු 21.9% කින් අඩු කරයි : අඩු පරිභෝජනයට වැඩි වාසි !

විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු අද (4) පස්වරුවේ පැවසීය.

එම විදුලි ගාස්තු සංශෝධනය අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මෙම ගාස්තු සංශෝධනයේදී අඩුම ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලෙස සැළකෙන කාණ්ඩයට වැඩිම සහනය දුන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම නිකුත්කළ නිවේදනය අනුව ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා පහත දැමෙන අතර එය සියයට 33.3ක අඩුවීමකි.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇති අතර ඒකක 61ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.

ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල පහත දමා තිබේ.

එසේම වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් පහත දැමීමට ද පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න