රනිල්ට වඩා හොඳ අපේක්ෂකයෙක් හොයන්න : පොහොට්ටුවට අභියෝගයක් !

රනිල්ට වඩා හොඳ අපේක්ෂකයෙක් හොයන්න : පොහොට්ටුවට අභියෝගයක් !

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ යම් හෙයකින් දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් තම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෙය සුදුසු අවස්ථාව නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය .

ජනාධිපතිධූරයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හැර වෙනත් සුදුස්සකු පෙනෙනතෙක් මානයක නොමැති බවයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් මම එතුමාට සහය පළකරනවා. නමුත් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ. මම ඒක හොඳාකාරවම දන්නවා. නාමල් මල්ලිට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වෙලාව නෙවෙයි. එයාට තව කල් තියෙනවා. මම ඒක නාමල්ගේ මූණටත් කිව්වා. මොකද එයා ඉදිරිපත් වෙන්න ඕනේ සුදුසුම වෙලාවේදි.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා දුර්වල අපේක්ෂකයෙක් අපේ පක්ෂයෙන් දැම්මොත් මම මේ පක්ෂෙ සාමාජිකත්වයේ ඉන්නවද නැද්ද කියලා එදාට තීරණය කරනවා. හැබැයි මම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. මට ඕනම දේශපාලන පක්ෂයකින් ඉල්ලලා දිනන්න පුළුවන්. ඒත් මම ඡන්දය ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි.

88/89 ලෙයින් තෙත්වුණ මිනීමරු ඉතිහාසය වෙනස් උනා කියලා පෙන්නන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේඟය කියලා නම වෙනස් කර ගත්තේ. නම වෙනස් වුණාට එයාලා වෙනස් වෙලා නෑ. සැබෑ අරගලකරුවන් අරගල කළේ පොදුජන ප්‍රශ්න විසඳන්න. ඔවුන් ගෙවල් ගිනි තිව්වෙ නෑ. මිනිස්සු මැරුවේ නෑ. නමුත් අරගලයේදී ජ.වි.පෙ හැසිරුණු විදිය බලන්න.ඒ හැසිරීම සැබෑ අරගල කරුවන්ට නින්දාවක්. මගේ ගේ ගිනි තියෙන එක මෙහෙයවපු මිනුවන්ගොඩ අරගලයට නායකත්වය දීපු අය ඊට පස්සේ මිනුවන්ගොඩ තිබුණු ජවිපෙ රැස්වීමේ මුලින්ම කතා කළා. ඉතින් කොහොමද කියන්නේ මේකට ජවිපෙ සම්බන්ධ නෑ කියලා.

ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ ෆේස්බුක් රැල්ලක්. මේ රටේ ව්‍යාපාරිකයන්, බුද්ධිමත් ජනතාව ජ.වි.පෙට ඡන්දය දෙන්නේ නෑ. බැරිවෙලා හරි ඔවුන්ට බලය ලැබුනොත් ඒ බලය රැක ගන්න මර්දනය උපරිමයෙන් පාවිච්චි කරනවා. බලය ගන්නයි බලය රැකගන්නයි ජනතා විමුක්ති පෙරමුණ ඕනෑම ජඩ වැඩකට සූදානම්. ඒ බව ලාල් කාන්ත ප්‍රසිද්ධියේම කිව්වා .

ප්‍රදීප් අනුර කුමාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න