බස්නාහිර හා සබරගමු පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍රත් සමාජ මාධ්‍යයේ : බස්නාහිර පළාත් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර හා සබරගමු පළාත් වාර විභාග ප්‍රශ්න පත්‍රත් සමාජ මාධ්‍යයේ : බස්නාහිර පළාත් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල්වල වාර විභාගය අත්හිටුවීමට බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම විභාගය ඉංග්‍රීසි සහ ගණිතය ප්‍රශ්න පත්‍ර පැවැත්වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පිටවීම හේතුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පියවර ගෙන ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවද බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාගයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 සහ 11 ශ්‍රේණිවල විද්‍යාව සහ ඉතිහාසය විෂය ප්‍රශ්න පත්‍ර පෙරදින රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

මෙවන් පසුබිමක එළැඹෙන අඟහරුවාදා බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන්ට පැවැත්වීමට නියමිත ගණිතය ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍ර ලේඛනය බවට පැවසෙන ලේඛනයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව වාර්තා වෙයි.

එළැඹෙන සතිය තුළ පැවැත්වීමට නියමිත සබරගමුව පළාත් පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.

ජාතික විභාග මෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පවත්වන පාසල් වාර විභාග කිහිපයකම ප්‍රශ්න පත්‍ර විභාගයට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමේ සිදුවීම් විටින්විට වාර්තා වුණි.

මූලාශ්‍ර - ලංකාදීප

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න