දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ

දේශබන්දු තෙන්නකෝන්  මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසිනි.

පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනිදා සිට ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.

දේශබන්දු තෙන්නකෝන්  කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් ද වේ.

1998 වසරේදී දේශබන්දු තෙන්කෝන්  පොලිස් සේවයට එක්වූයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතව තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න