රනිල්ගෙන් අලුත් දේශපාලන කැබිනට්ටුවක් !

රනිල්ගෙන් අලුත් දේශපාලන කැබිනට්ටුවක් !

සතිපතා පැවැත්වෙන නිත්‍ය අමාත්‍ය මණ්ඩල හමුවට පසුව දේශපාලන කැබිනට්ටුව (political cabinet) නමින් තවත් අමාත්‍ය මණ්ඩල හමුවක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ආණඩුවේ මෙම තීරණය පසුගිය සතියේ කැබිනට්ටුවේදි ප්‍රකාශ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් අමාත්‍යවරු පමණක් ඊට සහභාගි වෙති.

දේශපාලන කැබිනට්ටුවට කිසිම රාජ්‍ය නිලධරයකු එක්කර නොගැනීම විශේෂයකි. මෙම දේශපාලන කැබිනට්ටුවේ සාකච්ඡා කරන්නේ ඉදිරි මැතිවරණ හා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සම්බන්ධයෙන් පමණි.

පළමු දේශපාලන කැබිනට්ටුවේදී ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ ඉදිරියේ මැතිවරණ සමයක් එළඹෙන බැවින් ලබන ජූලි මාසයට පෙර දැනට ක්‍රියාත්මක වන සියලුම සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතු වගයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය දැඩි ලෙස කැපවිය යුතු වගද පෙන්වා දී තිබුණි.

මෙම දේශපාලන කැබිනට්ටුව ශ්‍රී ලංකාවට නවතම අත්දැකීමක් වුවද අතීතයේ මෙබඳු ක්‍රමයක් මහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක විය. ඒ ආදර්ශය අනුව මෙම දේශපාලන කැබිනට්ටුව ස්ථාපිත කරන ලද බවද වාර්තා වෙයි.කඩිනම් කිරීම සම්බන්ධයෙන් පමණි.

  • deshaya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න