සජිත්ගේ විරෝධය නිසා මුජිබර් රෝහලේ : කොළඹ ට්‍රැෆික් වැඩිවේ !

සජිත්ගේ විරෝධය නිසා මුජිබර් රෝහලේ : කොළඹ ට්‍රැෆික් වැඩිවේ !

සමගි ජන බලවේගය විසින් අද (30) පස්වරුවේ පැවැත්වූ විරෝධතා පාගමන අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කර තිබේ.

ඒ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් එල්ල කළ ජල ප්‍රහාර, කඳුළු ගෑස් නිසා ශ්වසන අපහසුතාවයකට ලක්වූ බව පවසමිනි .

මේ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු මන්ත්‍රීවරයාගේ තත්වය බරපතල නොවන බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ පිරිසක් විසින් ආණ්ඩුවේ රට ගොඩනගන වැඩපිළිවෙළට එරෙහිව විරෝධතා පා ගමනක් පැවැත්වූයේ අධිකරණය මගින් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා වන පරිදි විරෝධතා නොපැවැත්විය යුතු බවට වාරණ නියෝගයක් ද පනවා තිබියදී ය.

සජබ විරෝධතාවය හේතුවෙන් අද හවස් වරුවේ කොළඹ දැඩි රථ වාහන තදබදයක් පැවති අතර එනිසා ජනතාවගේ දෛනික කටයුතු වලටද දැඩි බාධා පැමිණ තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න