ජනතාව ඉල්ලුවොත් දේශපාලනයට එන්න සූදානම් - සනත්ගේ බිරිඳ

ජනතාව ඉල්ලුවොත් දේශපාලනයට එන්න සූදානම් - සනත්ගේ බිරිඳ

දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති වුවත් ස්වාමියාගේ හිස් වූ දේශපාලනය භාරගන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් පක්ෂයත් ඉල්ලීමක් කළහොත් ඇතැම් විට තමන් ඒ ගැන සලකා බැලීමට ඉඩ ඇතැයි අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගේ බිරිද සදහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ අධිවේගී මාර්ගයේ රිය අනතුරින් මරණයට පත් සනත් නිසාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාගේ නිවෙසට පැමිණ එම ඥාතීන්ට ශෝකය පල කළ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

‘මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙනවා, මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්‍රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා.

මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඬක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන ගන්න කියලා, ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව, රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න