Image

බණ ඇසීම සඳහා ද වැටුප් ගෙවනු ලැබේ...

බණ ඇසීම සඳහා ද වැටුප් ගෙවනු ලැබේ...

අනේ මන්දා...

මේවා දැක්කම කතා නොකර ඉන්නත් බැහැ, කතා කරලා වැඩක් ඇත්තෙත් නැහැ. හැබැයි නොකියාම බැරි නිසා ලියනවා.

ඊයේ (27) ආණ්ඩුවේ ඇතැම් ආයතනවල වැඩ නැහැ, හැමතැනම වෙසක් සැරසිලි. අද මුන් ටික පඩි පිට බණ අහනවා. මේ ඡායාරූපයෙන් පෙනෙන්නේ බත්තරමුල්ලේ වනජීවී මූලස්ථානයලු.  රට ගොඩ යන්නේ මෙහෙමද? නැහැ, රට යන්නේ කෙළින්ම වළට.

"අද ඔෆිස් එකේ බණ, හෙට එන්න"

ලංකාව කියන්නේ හැමදාමත් "බල්ලගේ වැඩේ බූරුවා කරන්න" ගිහින් කෙළවගත්තු රටක්. අද මගේ හිතවත් ගුරුවරියක් පණිවිඩයක් එවලා තිබුණා, අද එයා වැඩ කරන ඉස්කෝලේ ළමයින්ව සිල් සමාදන් කරවනවාලු. අද නිවාඩු දවසක් නිසා ඒක පැත්තකින් තියමුකෝ. හැබැයි නිවාඩු නොවන, සාමාන්‍ය වැඩ කරන දවස්වලත් රජයේ කන්තෝරු, පාසල් සහ විවිධ ආයතන ඇතුළෙ මේ වගේ ආගමික සන්දර්ශන පවත්වන එක සාමාන්‍ය දෙයක් වෙලා.

දුර බැහැර ඉඳන් තමන්ගේ දවසේ කුලී වැඩක්, පෞද්ගලික වැඩ රාජකාරිත් දාලා, ලොකු වියදමක් දරන් රජයේ කන්තෝරුවකට එන අහිංසක මනුස්සයෙක්ට, "අද ඔෆිස් එකේ බණ, හෙට එන්න" කිව්වහම වෙන සෙතේ මොකක්ද? වැඩ කරන මිනිහෙකුට කාලය කියන්නේ සල්ලි. ආයතනයක් ඇතුළෙ මේ වගේ ආගමික "ෂෝ" දාන බව නොදන්න මිනිස්සු ආවහම උන්ට වෙන්නේ ආපහු හැරිලා යන්නයි.

තම තමන් අදහන ආගමක් පන්සල, පල්ලිය, කෝවිල ඇතුළේ කරගත්තම මදිද?

පාසල් ඇතුළෙ විෂයක් විදිහටවත් කිසිම ආගමක් ඉගැන්වීම වැරදියි. ආගමක් ඉගෙනගන්න ඕන නම් ඒකට දහම් පාසල් වගේ වෙනම ක්‍රමවේද රටේ තියෙනවා. මුළු සතියක් තිස්සේ ඉස්කෝලේ ගිහින්, ටියුෂන් ගාටලා හෙම්බත් වෙච්ච දරුවන්ව, නිවාඩු දවසේත් මේ වගේ දේවල් අස්සට ඔබලා තවත් හෙම්බත් කිරීම යුක්තිසහගත ද?

බලය ලැබුණට පස්සේ මේ ආණ්ඩුවත් පට්ට ආගමික වෙලා

පවතින ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ "ආගම සහ රාජ්‍යය වෙන් විය යුතුයි" (Secular State) කියලා. හැබැයි බලය ලැබුණට පස්සේ මේ ආණ්ඩුවත් පට්ට ආගමික වෙලා කියලා හැමතැනින්ම පේනවා.

රජයේ ආයතන ඇතුළෙ, ජනතා බදු මුදලින් වැටුප් ලබන පිරිස් මෙහෙම කරන්නේ නිවන් බලාපොරොත්තුවෙන්ද? රාජකාරි වෙලාව හොරකම් කරලා, මිනිස්සු රස්තියාදු කරලා, පඩි පිට සිල් සමාදන් වීම හෝ බණ ඇසීම ඔබ අනුමත කරනවාද? තමන්ගේ මූලික වගකීම සහ යුතුකම පැහැර හරිමින් කරන වතාවත්වලින් "නිවන් දැකීම" තබා සැබෑ හික්මීමක්වත් ඇතිවෙන්නේ නැහැ.

මේවා මෙහෙම ලියද්දී inbox එකටයි, කමෙන්ට්වලටයි ඇවිත් කුණුහරුපෙන් බණින්නේ කුඩා කාලේ මෙහෙම සිල් අරන්, බණ අහලා "මනා හික්මීමක්" ලබපු සුපේසල ශික්ෂාකාමීන් ද? එතනින්ම පේනවා මුන් ඉගෙනගත්තු ආගමක තරම!

ආගමික සිද්ධස්ථානවලට පමණක් සීමා විය යුතු දේවල් මෙහෙම රජයේ ඔෆිස් අස්සේ කරන කොට, මේකට "බල්ලගේ වැඩේ බූරුවා කිරීම" කියලා හිතෙන එක අසාධාරණද?

 498610311 9754096688042991 8384322171377961960 n

 

 

 

 

JC Dissanayake

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න