නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පැවසුවේ, එහිදී හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අසළ ගොඩනැගිල්ලකට හදිසි ගොඩබෑමක් කර ඇති අතර තවත් සාමාජිකයෙක් ගාලුමුවදොර පිටිය ආසන්නට හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි.
සිද්ධියෙන් පසු හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු රෝහල් ගතකර ඇති අතර එක් අයෙකු යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
