එජනිස මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙන්න : මහින්දට සහ තිලංගට මෛත්‍රී දන්වයි !

 එජනිස මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙන්න : මහින්දට සහ තිලංගට මෛත්‍රී දන්වයි !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග මාර්ග පවසයි .

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති හමුවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ දැනුම්දීම සිදුකර ඇත්තේ නව සන්ධානයක් ගොඩනැගීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරිමට එහි ලේකම් ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් බලපාන බව පෙන්වා දෙමිනි.

මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂයේ මතයට පටහැනිව යමින් අමාත්‍ය ධූරයක් ලබා ආණ්ඩුවට එක්වූ බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුව එම ධූරයෙන් ඉවත් කළ අතර ඒ වෙනුවට තිලංග සුමතිපාල පත්කිරීමට කටයුතු කළේය.

එහිදී ඊට එරෙහිව මහින්ද අමරවීර අමාත්‍යවරයා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවද වාර්තාවේ.

අමාත්‍ය මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනාම ඉල්ලා අස්වීමේ යෝජනාවට එකඟව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න