රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමඟ රිය අනතුරින් මිය ගිය ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි ගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ සිදුකෙරුණි.
ඒ මහනුවර මරවනාගොඩ පොදු සුසාන භූමියේදී ය.
මේ අතර පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි පොලිස් සැරයන් නිලයට උසස් කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 22/93 පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මියගිය නිලධාරියාව පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇති බවය.
මෙම නිලධාරියාගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 15 ක මුදලක් එම නිවසේදී ලබාදීමට ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පියවර ගෙන තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
