Pekoe trail සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කරන්න - සාගල 

Pekoe trail සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කරන්න - සාගල 

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත "Pekoe trail" ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ.

"Pekoe trail" ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක පමණ සංචාරක මංපෙතක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතියට ගෝලීය වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ දියුණුවට විශාල පිටිවහලක් වනු ඇති බවත් මෙම අවස්ථාවට එක් වූ Pekoe trail කණ්ඩායම පැහැදිළි කළේය.

එමෙන්ම මෙතෙක් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස නොසළකන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.

එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති නීතිමය හා අනෙකුත් ගැටළු පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගත යුතු බවත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කිරීම වැදගත් බවත් සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ ප්‍රාදේශීය වතු සමාගම් සහ අනෙකුත් රේඛීය ආයතනවල නියෝජිතයින් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසද සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. එස්. එස්. බී යාලේගම මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින් , ප්‍රාදේශීය වතු සමාගම්වල නියෝජිතයින්, Pekoe trail කණ්ඩායමේ සාමාජිකයින් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.