ළඟදීම කැබිනට් ඔලු මාරුවක් !

ළඟදීම කැබිනට් ඔලු මාරුවක් !

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ  විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බවද  දැනගන්නට ඇත.

මෙම සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකටද  අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව පවසන එම ආරංචි මාර්ග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අමාත්‍ය ධුර  සඳහා මන්ත්‍රී ලැයිස්තුවක්  කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත්  ඔවුනට ඇමැති ධූර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවූ බව සඳහන් කරයි.

වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යට ගැනීමද   මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබා දෙන අතරේ කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක්  කිරීමට  රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

-lankadeepa ළඟදීම 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න