අකිල විරාජ් ජාතික ලැයිස්තුවට !

අකිල විරාජ් ජාතික ලැයිස්තුවට !

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීළඟ මැතිවරණයේ දී පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ඇති බව පෙනෙන්නට තිබේ. 

මේ බව අනාවරණය වන්නේ එජාප ප්‍රතිසංස්කරණය සදහා පත් කරන ලද රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ නිර්දේශයක් මගිනි.

එම වාර්තාවේ 2.4 හි දැක්වෙන පරිදි "පක්ෂයේ මහ ලේකම් ධුරය සදහා පක්ෂයේ ඕනෑම අයෙකුට සෘජුව සම්බන්ධීකරණය විය හැකි පරිදි ඉදිරි මැතිවරණයක දී ජාතික ලැයිස්තුවෙන් පත්වීමේ පදනම මත දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු පත් කිරීම"ට යෝජනා කර තිබූ අතර, එම යෝජනාව අනුව පක්ෂ නායකත්වයේ නිර්දේශ මත, ඉකුත්දා අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන ලදී. 

ඒ අනුව ඔහු පූර්ණ කාලීන මහ ලේකම්වරයෙකු ලෙස ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

ඒ සදහා ඉඩ සලසමින් මෙතෙක් ඔහු දැරෑ සංස්කෘතික අමාත්‍යාංශය මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඔහුගෙන් ඉවත් කර, විජේදාස රාජපක්ෂ මහතා ඒ සදහා පත් කරන ලද බව වාර්තා විය.

කුලියාපිටියට උපාලි පියසෝම :

මේ අනුව අකිල විරාජ් අමාත්‍යවරයා සංවිධායක ධුරය දරන කුලියාපිටිය ආසනය සදහා වෙනත් අයෙක් පත් කිරීමට ඉඩ අතැයි ද කියැවේ.

අකිල විරාජ් අමාත්‍යවරයා ට කලින් එම ආසනයේ සංවිධායක ධුරය දෑරූ, හිටපු රාජ්‍ය අමාත්‍ය උපාලි පියසෝම මහතාගේ නම මේ සදහා යෝජනා වීමට ඉඩ ඇතැයි කියැවේ.

පියසෝම උපාලි මහතා දැනට කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.

මේ අතර රුවන් විජේවර්ධන කමිටු වාර්තාව මගින් නිර්දේශ කරන ලද පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සදහා සාගල රත්නායක මහතා යෝජනා කිරීමට ඉඩ ඇතයි 'සිරිකොත' ආරංචි මාර්ග සදහන් කරයි. 

එහෙත් එම ධුරය සදහා පූර්ණ කාලීනව වැඩකළ හැකි අයෙකු පත් කළ යුතුයැයි තවත් මතයක් ඉදිරිපත්ව තිබේ. 

ඒ සදහා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් නොදරන ඉමිතියාස් බාකීර් මාකර් මහතා හෝ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පත් කළයුතු බවට ද යෝජනා වී තිබේ.

සබැඳි පුවත් :

"කොට අදින අලි" එක හඬින් ඉල්ලන : රුවන්ගේ ප්‍රතිසංවිධාන වාර්තාව මෙන්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න