"වධකයා"ගේ වැඩබැලීමේ දීමනා ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිහඬ ඇයි ?

"වධකයා"ගේ වැඩබැලීමේ දීමනා ගැන ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිහඬ ඇයි ?

හිටපු ස්වදේශ කටයතු අමාත්‍යංශ ලේකම් වරයා වැඩබලන  රෙජිස්ටාර් ජනරාල් වරයා ලෙස දීමනා ලැබීම සම්බන්ධයෙන්  තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම අමාත්‍යංශයෙන්  ඉල්ලා සිටි තොරතුරු ලබාදීම පැහැර හැරීමට එරෙහිව තමන් අභියාචනයක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.

මාස 5 තිස්සේ තොරතුරුදීම මඟ හැරලා 

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මේ බව සඳහන් කරන අතර එහි දැක්වෙන්නේ හිටපු ස්වදේශ කටයුතු ලේකම් නීල් ද අල්විස් මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධුරයේ කටයුතු කරන අතරතුර ඊට පහල තනතුරක් වූ  වැඩබලන රෙජිස්ටාර් ජනරාල් තනතුරෙහි කටයුතු කරමින් එහි දීමනා ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ තොරතුරු ලබාගැනීමේ අයදුම් පත් වලට අදාල තොරතුරු  ලබාදීම ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මාස 5ක කාලයක් පුරා  පැහැර හරිමින් සිටින බවය. 

RTI 10 අභියාචනයක් 

ඒ අනුව ශ්‍රී ලංකා  මානව හිමිකම් කේන්ද්‍රය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වන RTI 10 නැමති අභියාචනා අයදුම් පත්‍රය මෙලෙස ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

වැඩබලන රෙජිස්ටාර් ජනරාල් තනතුර සඳහා නිලධාරියෙකු පත්කිරීමේ ක්‍රමවේදය, ඊට අදාල දීමනා සම්බන්ධයෙන් විමසමින්  මීට පෙර අප විසින් 2017 නොවැම්බර් 2 වන දින RTI/HA/49 යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කළ අතර ස්වදේශ කටයතු අමාත්‍යංශය විසින් අමතර දින 21 ක කාලයක්  ඉල්ලා 2017 නොවැම්බර් 30 වන දින ලිපියක් යොමු කළ අතර මේ වන තෙක්  ස්වදේශ කටයුතු අමාත්‍යංශයට එම දින 21 ගතවී නොමැත. පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින්  2017 දෙසැම්බර් 18 වන දින ශ්‍රී ලංකා තොරතුරු කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටද පිටපත් සහිතව සිහිකැඳවීමක් යොමු කර තිබේ. නමුත් ඊට ද පිළිතුරක් නොමැති නිසා 2018 ජනවාරි 2 වන දින තුන්වන සිහිකැඳවීම ද ශ්‍රී ලංකා තොරතුරු කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත ලිඛිතව දැන්වූ අතර ඒ සඳහා ද නිසි පිළිතුරක්  ලැබී නොමැත.

තොරතුරු නිලධාරීන් නීල් අලස් ට භය ද ?

අප විසින් මෙලෙස තොරතුරු ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළම නිලධාරියෙකු වන  ස්වදේශ කටයතු ලේකම් ධුරයේ කටයුතු කළ රෙජිස්ටාර් ජනරාල් ධුරයේ වැඩ බැලූ  නීල් ද අල්විස් නම් නිලධාරියා පිළිබඳව වන අතර  රාජ්‍ය පරිපාලන සේවය තුළ ඔහු හැඳින්වීමට යොදාගන්නේ “වධකයා“ යන අන්වර්ත නාමයයි. රාජ්‍ය පරිපාලන සේවයේ අනිකුත් නිලධාරීන් එම නිලධාරියා කෙරෙහි දක්වන භය පක්ෂපාතීත්වය එම අන්වර්ථ නාමය  තුළින්ම පැහැදිලි වෙයි.  මේ නිසා මෙම නිලධාරියා පිළිබඳ තොරතුරු ලබාදීමට අනිකුත් නිලධාරීන් බියක් දක්වන්නේ දැයි දැඩි සැකයක් මතුවෙයි.

ආයතන සංග්‍රහයේ 12 වන පරිඡේදය උල්ලංඝනය  කරලා 

මෙම තොරතුරු දැනගැනීමේ අයදුම් පත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරන අතරතුර වැඩ බලන රෙජිස්ටාර් ජනරාල් ලෙස  නීල් ද අල්විස් මහතා පත් කිරීමට හේතුව, පත්වීම සිදුකළ අය, පිළිබඳව විමසා තිබුණි. එමෙන්ම  මෙම පත්වීම මඟින් ආයතන සංග්‍රහයේ 12 වන පරිඡේදය උල්ලංඝනය වී ඇති බවත් ඊට විශේෂ හේතු තිබේද යන්නත් එම තීරණය ගත්තේ කවුරුන් විසින්ද යන්නත් විමසා තිබුණි. තවද එම නිලධාරියා සඳහා කරනු ලැබූ ගෙවීම් පිළිබඳව ද මෙම අයදුම් පත්‍රය මඟින් විමසා තිබූ අතර ස්වදේශ කටයතු අමාත්‍යංශය පිළිතුරු නොදී මාස 5ක කාලයක් ගත කරන්නේ  මෙම තොරතුරු ලබාදී සඳහාය.

මේ නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඇති මීළඟ ක්‍රියාමාර්ගය වන අභියාචනා අයදුම් පත්‍රයක් (RTI 10 )  ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කටයුතු කළ අතර ඊටද පිළිතුරු නොලැබෙන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට  කටයුතු කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න