සක්විති රණසිංහට රු. ලක්ෂ 18ක දඩයක්

සක්විති රණසිංහට රු. ලක්ෂ 18ක දඩයක්

මූල්‍ය සමාගම් පනත උල්ලංඝණය කරමින් සමාගමක් පවත්වා ගෙන යාම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රකට අමතර පන්ති ගුරුවරයෙකු වන ‘සක්විති රණසිංහ’ හෙවත් අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නමැත්තියට කොළඹ මහාධිකරණය රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (දෙසැ. 12) විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබා දෙන ලෙස ය.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් කර ඇති කරුණු දැක්වීම සලකා බලා ඇති විනිසුරුවරයා එකී චෝදනාවලට වරද පිළිගැනීමට අවසර දී තිබේ.

2006 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත නඩුව පවරනු ලැබ තිබිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න