වැට් බද්ද සම්මතයි !

වැට් බද්ද සම්මතයි !

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මතවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.

මේ අනුව භාණ්ඩ අනූ හතකට එළැඹෙන ජනවාරියේ සිට 18% ක වැට් බදු අය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්වරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියේය.

මෙම වැට් විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය  පැවසුවේ වැට් බදු සංශෝධනයෙන් කෝටි 37800 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි.

මෙම විවාදය සඳහා ඊයේ (10) ඉරුදින සම්පූර්ණයෙන්ම වෙන් කර තිබුණත් විපක්ෂය විසින් ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කිරීම හේතුවෙන්
පාර්ලිමේන්තුව කල් තැබීම නිසා විවාදය අතරමග නතර විය.

පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ කෙටි විවාදයකින් පසු සම්මත කිරීමට කටයුතු සූදානම් කෙරිණ. පනත තවදුරටත් විවාද කිරීමට අවශ්‍ය බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.

මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විපක්ෂය වෙත චෝදනා කර සිටියේ විපක්ෂය මැදිහත්වී ලබාගත් විවාදය විපක්ෂය විසින්ම කඩාකප්පල් කළ බවය. එබැවින් ඊයේ අපතේ ගිය මහජන මුදල් සම්බන්ධයෙන් විපක්ෂය වග කිවයුතු තවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න