ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ නිල පුවත් ප්‍රකාශණය මෙවර කලාපයේ සිට නව මුහුණුවරකින් නිකුත් කොට තිබේ.
සමගිය ලෙස නම් කර ඇති මෙම නිල පුවත් ප්‍රකාශණය අදාළ කාර්යාංශය විසින් මෙරට ජාතික සමගිය සහ සංහිඳියාව උදෙසා සිදුකරණ ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් මෙන්ම ජාතික සමගිය සහ සංහිඳියාවට සම්බන්ධ පුවත් විශ්ලේෂණ සහ රචනා වලින් සමන්විත වේ.
ත්‍රෛමාසික පුවත් ප්‍රකාශණයක් වන සමගිය, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කරනු ලබයි.
2015 පැවති ජනාධිපතිවරණයේදී තීරණය කළ ප්‍රධාන කාරණයක් වූ ජාතික සමගිය සහ සංහිඳියාව සහතික කිරීම සඳහා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලය ස්ථාපිත කරනු ලැබිණ.
අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යමණ්ඩල යෝජනාවකට අනුව ජනාධිපතිතුමා විසින් පිහිටවනු ලැබූ මෙම ආයතනයේ ප්‍රධානී ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කටයුතු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
