මහනුවර ආශ්‍රිතව පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මහසොහොන් බලකාය නම් සංවිධානයේ අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 27 දෙනෙකු ලබන 14 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ, සැකකරුවන් අද (02) තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරිඩ්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ අධිකරණය කළ නියෝගයට අනුවය.
මෙම සැකකරුවන් අතර සිටින කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කළ මන්ත්‍රී සමන්ත පෙරේරා ලබන 9 වන දා පැවැත්වෙන සභා වාරය සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
