පාර්ලිමේන්තුවේ අනංගයන් සෙවීම පොලිස්පතිට !

පාර්ලිමේන්තුවේ අනංගයන් සෙවීම පොලිස්පතිට !

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන පොලිස්පතිට පැවරීමට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙයි .

ඒ අනුව අදාළ විමර්ශනය සඳහා අදාල ලිපිගොනු පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් නීතිපතිවරයාට පසුගියදා බාරදී ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙකී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව පෙනී යන හෙයින් විමර්ශන කටයුතු පොලිස්පතිවරයාට බාර දෙන ලෙස ඒ අනුව නීතිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

ඒ අනුව සිද්ධියට අදාළව මෙතෙක් කරන ලද පරීක්ෂණවලට අදාළ සියලු ලිපිගොනු සියල්ල ද පොලිස්පතිවරයාට බාරදීම ට නියමිත ය.

මේ වන විටත් අදාළ ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහපාලක ඇතුළු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

දැනට කරන ලද පරීක්ෂණවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගේ නම් සදහන්වී ඇති බව දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න