අද රාත්‍රියේ කාලගුණය ගැනත් නිවේදනයක් !

අද රාත්‍රියේ කාලගුණය ගැනත් නිවේදනයක් !

අද (04) රාත්‍රියේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් කාලගුණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

සෙසු ප්‍රදේශවල අද රාත්‍රියේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර අද දවස පුරාම කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි අඳුරු සහිත කාලගුණයක් පැවතියේය.

මේ අතර හෙට දිනයේ බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් වට වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

සෙසු ප්‍රදේශවල හෙට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇතිවිය හැකිය.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මීජවුම් සුළි කුණාටුව අද පෙරවරු 11.30ට පමණ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී යාපනයේ සිට කිලෝමීටර් 440ක් ඊසාන දෙසින් පැවතුණි.

මෙම පද්ධතිය තවදුරටත් වර්ධන වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, උතුරු දෙසට ගමන්කර හෙට (05) දිනයේ දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළතීරයෙන් ඉන්දියාවට ඇතුළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න