ජනාධිපති සහ ජෝන් කෙරී අතර හමුවක් !

ජනාධිපති සහ ජෝන් කෙරී අතර හමුවක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී අතර හමුවක්  ඊයේ (04) සිදු වූ අතර එහිදී නව්‍ය මුලපිරීම් තුළින් දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු මෙන්ම දේශගුණික අභියෝගවලට තිරසර විසදුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සකස් කර ඇති විස්තීරණ සැලැස්ම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.

දේශගුණික විපර්යාසවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීමේ තීරණාත්මක ගැටලුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර දේශගුණය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මූල්‍ය සම්පත් වැඩි දියුණු කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ද අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම සහ ඒ සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල සියැසින් දැක බලා ගැනීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජෝන් කෙරී ට ආරාධනා කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න