ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කරනු ලැබ තිබේ.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව එම පත් කිරීම සිදු කර ඇත.
විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර 15 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩා සභාවේ සභාපති ධූරය සඳහා පත් කර තිබේ.
මේ අතර, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ එහි ලේකම්වරයා ලෙස අර්ජුන් රිෂ්‍යා ප්‍රනාන්දු පත්කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
