පුලතිසි වීරයාගේ ඉල්ලීමට දුරකථන පාටියේ ලොක්කා කොර වෙලා !

පුලතිසි වීරයාගේ ඉල්ලීමට දුරකථන පාටියේ ලොක්කා කොර වෙලා !

ක්‍රීඩාව වෙනුවෙන් තනි සටනක් කරලා අවසානයේ බඩුත් අකුලන් යන්න වුණු පුලතිසිපුර සිංහයා අලුත් සටනක් පටන් ගන්නලු යන්නේ. ඒ සටන පටන් ගන්න සුදුසු තැනක් හොය හොයා ඉන්නකොට එයාට දුරකථන පාටියේ තැනක් දෙන්න ඒකේ ලොකු තැන කතා කළාලු. ඉතින් මේ පුලතිසිත් වැඩේට කැමති වුණාලු.

ඒත් පොඩි යෝජනාවක් ආවලු. එයාට රට බාරගන්න රාජයෝග සහිත වාසනාවක් තියෙන නිසා ඒ අවස්ථාවට එයා ලබන අවුරුද්දේ මුහුණ දෙන්න ඕන, ඒ වෙනුවෙන් සහාය දෙන්න පුළුවන්ද කියලා. කොහොම වුණත් ඒකට දුරකථන පාටියේ ලොකු තැනයි කිහිප දෙනකුයි කැමැති වුණේ නෑලු. ඒත් බෑ කියලා මූණට කිව්වෙත් නෑලු. කොහොම වුණත් ඒ යෝජනාව ගැන පක්ෂයේ ලොකු තැනයි, නුවර පැත්තේ ඉන්න පක්ෂ ප්‍රබලයකුයි දිගින් දිගටම සකච්ඡා කරනවලු. නුවර පැත්තෙ ලොක්ක නම් කියන්නේ ඉක්මනින් මෙයාව ඇතුළට අරන් තනතුරක් දෙමු කියලලු. ඒත් පුලතිසි වීරය සාමාන්‍ය තනතුරකට වඩා රටේ ලොකු බලයක් ගන්න බලාපොරොත්තු වෙනවලු.

  • Deshaya gossip

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න