හිරුනිකා රනිල්ට පිටුපායි !

හිරුනිකා රනිල්ට පිටුපායි !

පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා ඇත. 

බීබීසී වෙත ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇති අතර එජාප  පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බවත් එම තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් “දිවි හිමියෙන්” අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ “නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ” පුද්ගලයන් බවද ප්‍රකාශකර ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය සඳහන් කර ඇත්තේ පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත් ඉස්සරහට නායකත්වය බලාගෙන කවුරුන් හෝ සිටිනවා නම් එළියට ඇවිත් තම පාර්ශවයට නායකත්වයදීමට  මේ හොඳම අවස්ථාව බවද ඇය සඳහන් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න