ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වන රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වී තිබේ.
දිගු කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඊයේ (ඔක්. 20) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී ඇතැයි සඳහන් ය.
‘නර්තන රැජිණිය’ ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානවලින් ද පිදුම් ලැබූ කලා ශිල්පිනියකි.
මිය යන විට ඇය 71 වන වියේ පසු වූවා ය.
බලංගොඩ ග්‍රාමයේ උපත ලබා හැදී වැඩි කලා ලොවට අවතීර්ණ වී රාජගිරිය, කලපළුවාවේ පදිංචිව සිටි ඇය නැටුම් ගුරුවරියක ලෙස මුල් ම පත්වීම ලබාගෙන තිබුණේ හලාවත, මාදම්පේ සේනානායක ජාතික පාසල වෙත ය.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
