අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, එම විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.
මේ අතර, විභාගයට මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ විභාග අපේක්ෂකයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් පත් යොමු කිරීම සඳහා 2023.10.06 සිට 2023.10.10 දක්වා කල් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.onlineexams.gov.lk/eic ඔස්සේ අයැදුම් පත් යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
