ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (28) බර්ලින් නුවරදී සිදු විය.
“ගෝලීය ආර්ථික පරිවර්තනයන් හමුවේ කසකස්ථානයේ භූමිකාව” පිළිබඳ රාජ්‍ය නායක සැසිවාරය කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) ගේ ප්‍රධානත්වයෙන් “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ඊයේ පැවැත්වුණු අතර ඒ සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන අය ද එම අවස්ථාවට එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
