ධනුෂ්ක ගුණතිලක නිදහස් කෙරේ

ධනුෂ්ක ගුණතිලක නිදහස් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක කාන්තාවක් අපයෝජනය කළැයි චෝදනාවට වැරදිකරු නොවන බවට ඕස්‍ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබේ.

එරට මාධ්‍ය පැවසුවේ, අද (28) දිනයේදී ඕස්ට්‍රේලියාවේ ඩවුනිං සෙන්ටර් අධිකරණයේදී විනිසුරු සාරා හගට්, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළ කළේ ය.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරතුරේදී කාන්තාවක් අපයෝජනය කළැයි සැකපිට ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණි.

නඩුව නිව් සවුත්වේල්ස්හි ඩවුනිං සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4න් 3ක් ඉවත් කෙරුණි.  එහි තීන්දුව අද (28) ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

උසාවියෙන් පිටත පැමිණ ධනුෂ්ක සදහන් කර ඇත්තේ ලබා දුන් තීන්දුව “සියල්ල කියයි” සහ ඔහුගේ කීර්තිය නැවත ඇති කර ඇති බවයි.

ඔහු ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ නීතීඥයින්ට, කළමනාකරුවන්ට මෙන්ම මිතුරන්ට සහ පවුලේ අයට ස්තුතිය පුද කරමින්, “සියල්ලන්ම මාව විශ්වාස කළා, ඒ නිසා මට ගොඩක් වටිනවා” යැයි පවසා ඇතැයි සදහන් වේ.

“මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා මට ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලා සිටිනවා,” යනුවෙන් ද ඔහු පැවසීය.

පසුගිය මාස එකොළහ “ඇත්තටම දුෂ්කර” වූ බවත් විශේෂයෙන් තම දෙමාපියන් නොමැතිව ඕස්ට්‍රේලියාවේ සිටීම දැඩි අපහසුවක් වූ බවත් ධනුෂ්ක ගුණතිලක එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න