මෛත්‍රී - චන්ද්‍රිකා එක වේදිකාවකට !

මෛත්‍රී - චන්ද්‍රිකා එක වේදිකාවකට !

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම ඇතුළු එම පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය තුළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රීලනිප සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර යළි දේශපාලන හිතවත්කමක් මතුව ඇතිදැයි යන්න සම්බන්ධයෙන් දේශපාලන කරළියේ අවධානය යොමුව ඇත.

ඒ ඔවුන් දෙදෙනා අද (26) කලකට පසුව එකම වේදිකාවක දැකගන්නට ලැබීමත් සමග ය.

වඩාත් විශේෂ කරුණ වන්නේ මේ හමුව , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරු උත්සවයේදී සිදුව තිබීමය .

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසරේ මෙම බණ්ඩාරනායක ගුණ සමරුව සිදුකිරීම වෙන් වෙන් වශයෙන් සිදුකර තිබීමය.

මෙරට සිව්වන අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව වෙනුවෙන් සමරු උත්සවයක් අද පැවැත්වුණේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීය.

සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊට සහභාගි ව සිටියේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න