එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරට අදාළ අතුරු ගෙවීම් මෙරටට ලැබී ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ යටතේ ඩොලර් 878,650යි සත 53ක් මහා භාණ්ඩාගාර ගිණුමට තැන්පත් කර ඇති බවයි.
ඉතිරි රුපියල් මිලියන 16 ඉදිරියේදී ලැබීමට නියමිතයි.
එම මුදල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වියදම් වෙනුවෙන් ලැබී තිබේ.
නෞකා සමාගමේ රක්ෂණ සමාගම සමග පසුගියදා ඇති කරගත් එකඟතාවකට අනුව එම අතුරු ගෙවීම් හිමිවිය.
මේ අතර ධීවරයන්ට සිදු වූ හානිය වෙනුවෙන්ද වන්දි මුදලක් ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන්ද අදාළ රක්ෂණ සමාගම සලකා බලමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
