ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියේවා හමුවී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉකුත් දා නිව් යෝර්ක් නුවර බලා පිටත්ව ගියහ.
එහිදී මෙම හමුව සිදුව ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු විසඳීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් එම හමුවේදී සිදු වූ බව ය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමුව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
