අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට 2015,2016,2017 වසර තුනට පැමිණිලි 10182ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 3608 ක් විමර්ශන අවං කර 157 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරනු ලැබූ ඉල්ලීමකට කොමිසම දුන් පිළිතුරුවලින් මේ බැව් හෙළිවේ.
මෙම තොරතුරු අනුව 2015 දී පැමිණිලි 3964ක් ලැබී 1323ක් විමර්ශනය කර 41 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. 2016 දී පැමිණිලි 3450ක් ලැබී 1315ක් විමර්ශනය කර 59 දෙනෙකුද 2017 දී පැමිණිලි 2768ක් ලැබී 970ක් විමර්ශනය කර 57 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
දයා නෙත්තසිංහ -රාවය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
