සංචාරක කර්මාන්තයෙන් සහ විදෙස් ගත ශ්‍රමිකයන් වෙතින් ඩොලර් බිලියන 5ක් !

සංචාරක කර්මාන්තයෙන් සහ විදෙස් ගත ශ්‍රමිකයන් වෙතින් ඩොලර් බිලියන 5ක් !

සංචාරක කර්මාන්තය සහ විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින් 2023 වසරේ ගත වූ මාස 08 ක කාලය තුළ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5,167.2 ක් හෙවත් ඩොලර් බිලියන 5.16 ක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන විසින් මේ බව තහවුරු කරයි.

ඊට අනුව 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ සමස්ත සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 1,304.5 ක් ලෙසින් වාර්තා වන අතර මෙම වකවානුව තුළ දී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,862.7 කි.

මහ බැංකුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන අනුව පසුගිය 2023 අගෝස්තු මාසයේ සංචරක ඉපැයීම් ඩොලර් මිලියන 210.5 ක් ලෙසින් සටහන් වන අතර අගෝස්තු මාසයේ ලද විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් මිලියන 499.2 කි.

WEI 20230908 e 14

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.