ශෂීගේ ඉල්ලීමට අභියාචනාධිකරණයෙන් අවසර !

ශෂීගේ ඉල්ලීමට අභියාචනාධිකරණයෙන් අවසර !

ශෂී වීරවංශට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක් වෙනත් මහෙස්ත්‍රාත්වරයකු හමුවට මාරු කරන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.

ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කළ අයදුම් පතක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් එම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව, අදාළ නඩුව හෙට (12) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ කැඳවීමෙන් අනතුරුව එම අධිකරණයේ තිබෙන අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණයට මාරු කරන ලෙසද නියෝග කළේය.

පෙත්සම්කාර ශෂී වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායිකාවට එරෙහිව ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වෙන බවත් එම නඩුවෙන් ඇයට සාධාරණයක් නොලැබෙන බවත්ය.

තමා අසනීපව සිටි අවස්ථාවක ද මෙම නඩුව විභාගයට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා සූදානම් වූ බව පෙන්වාදෙන ජනාධිපති නීතිඥවරයා මේ තුළින් තමන්ට යුක්තියක් ඉටු නොවනු ඇතැයි සැකයක් මතු වී තිබෙන හෙයින් එම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස තම සේවාදායිකාව අධිකරනයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැසුවේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සඳහන් කළේ, නඩු විභාගයන් කාර්යක්ෂම කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරුන් විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවය.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් මතු වන්නේ නම් ඊට අදාළව සුදුසු නියෝග නිකුත්කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න