මාධ්‍යවේදී අශෝක ජයතුංග වොෂින්ටන් DC තානාපති කාර්යාලයට

මාධ්‍යවේදී අශෝක ජයතුංග වොෂින්ටන් DC තානාපති කාර්යාලයට

දශක කිහිපයක ජනමාධ්‍ය අත්දැකීම් සහිත අශෝක ජයතුංග, ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රධානියා ලෙස පත්ව සිටී.

 එරට තානාපති මහින්ද සමරසිංහ ගේ නිර්දේශය මත ජනාධිපති වික්‍රමසිංහ විසින් අදාළ පත්වීම සිදුකොට තිබේ.

ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, ලංකාදීප පුවත්පතේ ආරම්භක සාමාජිකයෙකු මෙන්ම එහි ඉහළ තනතුරු දැරූවෙකි.

සදුදා හමුව, රජවීදිය, ඉරිදා ලංකාදීප තිරෙන් පිටුපස ප්‍රධාන දේශපාලන කොළම හා ජනපති අගමැති විපක්ෂ නායක ඇතුළු ප්‍රබලම දේශපාලනඥයන් සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළු විශේෂාංග රැසක් දශක ගණනාවක් පුරා ඔහු විසින් මෙහෙයවිය.

90 දශකයේ මෙරට පැවැති එකම සජීවී දේශපාලන සංවාදය වූ ජාතික රූපවාහිනියේ "ජනමණ්ඩලී" මෙන්ම පසුව ITN හි "වන් ටු වන්" සජීවී දේශපාලන සංවාද රැසක් ද මෙහෙයවීය වුයේ ඔහු විසිනි.

ඇමෙරිකාවට අමතරව මෙක්සිකෝව හා ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ දෙරට ද ඔහුගේ රාජකාරි පත්‍රයට ඇතුලත්වේ. තවද නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධාන ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය කටයුතු සඳහා දායකත්වය ලබාදීම ද ජනපති විසින් ඔහුට පවරා තිබේ.

මෑතකදී ඔහු ලියූ "ජනපති e කොළම" කාගේත් අවධානයට ලක්වූ හා ආන්දෝලනයකට තුඩුදුන් සමාජ මාධ්‍ය ලිපි පෙළකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න