දයාසිරිගේ ඉල්ලීම විසිවෙයි : සරත්ටත් වාරණයක් වැටෙයි !

දයාසිරිගේ ඉල්ලීම විසිවෙයි : සරත්ටත් වාරණයක් වැටෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඒ මහතා කළ ඉල්ලීමට අවසර දීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (08) ප්‍රතික්‍ෂෙප කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිය පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය ප්‍රකාරව පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පක්ෂයේ සභාපතිවරයාට පුළුල් බලතල පැවරී ඇතැයි සඳහන් කරමින් එලෙස නියම කළේය.

කෙසේ වුවත් දයාසිරි ජයසේකර දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට පත්කළ සරත් ඒකනායක ට එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි දයාසිරි ජයසේකර කළ ඉල්ලීමට අවසර දීමට විනිසුරුවරයා තීන්දු කළේය .

ඒ අනුව සරත් ඒකනායකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම ලබන 22 වැනිදා දක්වා වළකාලමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න