රාජකාරියම ඛේදවාචකයක් වීම ගැන මනූෂ ප්‍රශ්න කරයි !

රාජකාරියම ඛේදවාචකයක් වීම ගැන මනූෂ ප්‍රශ්න කරයි !

සේවකයන් 6 දෙනකු ඇමෝනියා වළකට වැටී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආයතනයේ හාම්පුතුන්ට නඩු පැවරූ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිරේ යවා ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සිද්ධියට චෝදනා ලැබූ හාම්පුතුන් කිසිදු ගැටළුවක් නැතුව නිදැල්ලේ සිටින බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.

ඇමෝනියා වළකට වැටී සේවකයන් හය දෙනකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩු පැවරීම කළ කම්කරු සහකාර කොමසාරිස්වරයා අත්අඩංගුවට පත්වී සති දෙකක් හිර හිටියා.

නමුත් හය දෙනකු මරපු කර්මාන්ත ශාලාවේ කිසිවෙකුටත් ප්‍රශ්නයක් නැහැ.

හොරණ අධිකරණයේ මෙම නඩුව මුලින්ම පවරපු අවස්ථාවේදී විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවයක් ප්‍රතික්ෂේප කිරීම නිසා නඩුකාරවරයා මාරු කර අලූත් නඩුකාර වරයෙකු පැමිණ නඩුව පැත්තකට දැමූවා. ඊට පසු මෙම නඩුව දැම්මෙ ඇයිද කියා විමසමින් නඩු පවරපු අයට නීතිය ක්‍රියාත්මක කරනවා.

සේවකයන්ට අගතියක් කළ හාම්පුතුන්ට නඩු පවරපු කම්කරු දෙපාර්තමේන්තුවේ අයට හිරේ යන්න සිද්ධ වෙලා තියෙනවා. කම්කරුවන් මැරිච්ච එකට වගකිවයුතු හාම්පුතුන්ට නීතිය හමුවේ ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව අනුමත කරපු පනත යටතේ නඩු පැවරීමත් අද ගැටලුවක් වෙලා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න