Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

බස් ගාස්තු වැඩි කරන්න ගමනාගමන කොමිසම එකඟ වෙයි

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 4% කින් බස් ගාස්තු වැඩි කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව එකඟ වූ බව බස් සංගම් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  සඳහන් කළේ, අවම ගාස්තුවෙන් වෙනසක් නොවන බවයි.

එය කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇති බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන් ප්‍රියන්ජිත්  සඳහන් කළේ ය.

බස් ගාස්තු සංශෝධනයට අනුව අධිවේගී බස් ගාස්තුව ද ඉහළ යනු ඇත.