හිටපු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් දේශපාලන ඔප් එකක : රට ජාතිය හෝල් සේල් !

හිටපු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් දේශපාලන ඔප් එකක : රට ජාතිය හෝල් සේල් !

ආරක්ෂක අංශයේ හිටපු ලොකු ලොක්කො ටිකක් මේ රටට පාලකයෙක් පත් කරන්න අමුතු දේශපාලන ගේමක් ගහගෙන එන්නලු යන්නේ. මේ වැඩේට ආරක්ෂක අංශවලින් විශ්‍රාම ගිය ලොකුම ලොකු කට්ටියකුත් හාමුදුරුවරු කට්ටියකුත් එකතු වෙලාලු ඉන්නෙ.

මේ දේශපාලන ව්‍යාපෘතියේ ඉන්නේ යුද්ධය අවසන් මොහොතේ නම් ගම් කියැවුණු ලොකූ කට්ටියක්. ඒකෙන් එක්කෙනෙක් මහ පුටුවේ වාඩිකරවන්න මෙයාලගෙ සැලසුමක් තියෙනවා.

එයා තවම තනතුරුවලින් එළියට ඇවිල්ලා නැති නිසා, උන්නැහේ විශ්‍රාම අරගෙන එනකොට එයාට මැච් එක ගහන්න පිච් එක හදලා තියන්නලු යන්නේ. කොහොම වුණත් මේක පටන් ගන්න යන්නේ ආණ්ඩුව කරන්න යන බලය බෙදීමට විරුද්ධවත් එක්ක.

හැබැයි වැඩේ වැඩිදුර ගෙනියන්න බැරිවෙයි කියලලු කට්ටිය කියන්නේ. ඒ දැනටම දේශපාලනය කරන ආරක්ෂක අංශ ලොක්කෙක් ලොකු පුටු හීනේ ඉන්න නිසා.

  • Deshaya

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න