බදුල්ල ශික්ෂණ රෝහලට කෝටි 07 ක විදුලි බිලක් !

බදුල්ල ශික්ෂණ රෝහලට කෝටි 07 ක විදුලි බිලක් !

රුපියල් කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කර ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

එම රෝහලෙන් අයවියයුතු රුපියල් කෝටි හතක පමණ වන හිඟ විදුලිබිල නිසා එම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරය යන අංශ වල මෙසේ විදුලිය විසන්ධිකර ඇති බවය .

මේ තත්වය යටතේ ඉදිරියේදී රෝහලේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධිවීමේ අවධානමක් ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න